Showing posts with label Basic. Show all posts
Showing posts with label Basic. Show all posts

Monday, September 17, 2012

What is new in Photoshop CS6 | Content-aware tool

පොටෝෂොප් වලට තවත් අලුතින් එකතු වු දේයක් තමා මේ Content aware tool එක. මේ ටුලය භාවිතා කරලා අපට පුළුවන් වෙනවා යම් photo එකක එක ස්ථානයක ඇති object එකක් තවත් ස්ථානයකට move කිරිමට. එවිට object පෙර එක තිබු ස්ථානය background එකේ එ අවට තිබෙන details වලින් automatically fill වීම සිදුවෙනවා.



මේ සදහා මම තොරගත් පින්තූර පහළ download ලින්ක් එක එබිමෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයලත් මේක උත්සහා කරලා බලන්න මේ පින්තූර භාවිතා කරන්නත් පිලුවන් එහේම නැත්නම් ඔයාලගේම පින්තුරයකට මේ ටුලය භාවිතා කරලා වෙනස්කම් කරලා බලන්නට පුළුවන්.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Basic
Total video time : 6:18 Minutes
Exercise files : Download
Video Tutorial / විඩියෝ පාඩම

Tuesday, July 3, 2012

How to change color of a dress

අද මම මේ පාඩමෙන් කියලා දෙන්නට යන්නේ Photoshop වලදි පින්තුරයක ඇදුමක වර්ණය පමණක් වෙනස් කරගන්නා ආකාරයයි.



මෙහිදි අපි භාවිතා කරන්නේ Hue/Saturation කියන command එකයි. මෙහිදි අපි භාවිතා කරන පින්තුර පහළ ලින්ක් එක එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Today I'm going to teach you how to change color of a dress by using Photoshop hue/saturation command. you can download source image by clicking follow link.

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 4:30 Minutes
Exercise Files : Download 
Video Tutorial / විඩියෝ පාඩම

Wednesday, June 27, 2012

Create 3D Glass Text Effect using Photoshop & Illustrator


අයුබෝවන් යළුවනේ.. ඔන්න අදත් මම අරගෙන ආවා 3D Text effect පාඩමක්. ඒ තමා ඉලස්ට්‍රේටර් සහ පෝටෝෂෝප් යන ඇඩෝබි ඇප්ලිකේෂන් දෙක භාවිතා කරලා 3D Glass Text effect එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

මෙහිදි අපි මේ 3D text එක නිර්මාණය කරගන්නේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් භාවිතා කරලා. ඉටපස්සේ ඉලස්ට්‍රේටර් ගොනුව පෝටෝෂොප් ගොනුවක් බවට තැන්පත් කරගෙන එ පෝටෝෂොප් ගොනුවට layer effect ලබාගන්නවා.. වැඩි විස්තර මම කියන්නේ නෑ.. :) ටියුට් එක බලන්නකෝ..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Hi Friends… Today I’m going to teach you how to create a 3D Glass text effect by using Adobe Illustrator and Adobe Photoshop. Here I have link to download source file with Illustrator 3D file and Photoshop Final file, Watch the tutorial and Please make your comments.

To receive latest tutorial Please Subscribe , Follow, and add your like also.

Tutorial Details
Program : Adobe Illustrator CS4 & Photoshop CS4
Difficulty : Basic
Total video time : 18 : 33 Minutes
Exercise Files : Download

Video Tutorial/ විඩියෝ පාඩම

Monday, June 4, 2012

Photoshop වල Object එකක් වටා text එකක් ලබාගැනිම


අයුබෝවන් යළුවනේ.. අද මම කියලා දෙන්නට යන්නේ පොටෝෂෝප් වලදි object වටේට text එකක් type කරගන්නේ කොහොමද කියලා

ඇත්තටම කොහොමද මේක කරගන්නේ..? හ්ම් මේහේමයි ඉස්සෙල්ලම text එක ගන්න ඔනි object එක වටේට pen tool එකෙන් පාත් එකක් ඇදගන්නට ඔනි. ඉට පස්සේ අපිට පුළුවන් එ පාත්එක ඇතුලේ පාත් එකෙන් පිට නොයන ලෙස text එක ලබාගන්නට. පසුව අවශ්‍යනම් පාත් එක වෙනස් කරගන්න උනත් පුළුවන්. විඩියෝ එකේ තියෙනවා පැහැදිලිම මම කියලා දිලා බලන්නකො එහේනම්..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික.
සම්පුර්ණ කාලය : විනාඩි 7.48

විඩියෝ පාඩම / Video Tutorial


How to Customize Photoshop Keyboard shortcuts


Adobe Photoshop වල වැඩ පහසු කරගැනිමට හා වේගවත් කරගැනිමට keyboard shortcuts ලබාදි තිබේනවා. ගොඩක් tool වලට හා command වලට photoshop වලින් ලබාදි තිබේනවා. එ වගේම අපට එ shortcut key අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් භාවිතා කරන command එකක් තියෙනවානම් එ command එකට shortcut key එකක් ලබා දි නැත්නම් අපිට පුළුවන් එ command එකට shortcut key එකක් ලබාදෙනන්නට.

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ photoshop වල keyboard shortcut key වෙනස්කරගන්නා ආකාරයයි.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික.
සම්පුර්ණ කාලය : විනාඩි 10.11

විඩියෝ පාඩම / Video Tutorial


Create Custom Photoshop Color Swatches


අයුබෝවන් යළුවනේ. අද අපි මේ පාඩමෙන් ඉගෙනගන්නට යන්නේ Photoshop වල custom color swatches සෙට්එකක් හදාගන්න ආකාරයයි. මෙහිදි අපට පුළුවන් යම් image එකක යම් ස්ථාණයක ඇති color අගය ලබාගන්නට. ඉටපසුව color swatches සෙට් එක පසුව භාවිතා කරන්නට save කරගන්න පුළුවන්.

හරි මේකට මම භාවිතා කරන්නේ මේ කලර්පුල් ගිරවගේ පින්තුරයයි. ඔබට මේ පින්තූරය බාගන්න පුළුවන් පහල link එක එබිමෙන්. අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ජයවේවා !. Comment එකකුත් දාලම යන්න.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : ලේසියි.
සම්පුර්ණ කාලය : විනාඩි 9.11
අවශ්‍ය දේවල් : බාගන්න.

විඩියෝ පාඩම / Video Tutorial


Wednesday, March 14, 2012

හැඩතල ඇතුලත text ලබාගැනීම

පොටෝෂොප් වල text භාවිතයේදි අපට horizontal සහ vertical ටේක්ස් පමණක් නොව හැඩතල ආකාරයටද text ලබා ගත හැක. මේ පාඩමේදි මම කියලා දෙන්නට යන්නේ කොහොමද පෝටෝෂොප් වල shape වලට අනුරුපිව text ලබාගන්නේ කියලා.

When we are using Photoshop type tool we can type text in a custom shape. we can create custom shape by using shape tool. then create a custom shape & move move inside custom shape with type tool.  then you can see regular type tool will change as dotted oval. then click ones and enter your text inside custom shape.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Photoshop CS4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 5.12

විඩියෝ පාඩම


Tuesday, February 21, 2012

How to create a Custom Photoshop Brush

පොටෝෂෝප් වල වදගත් කොටසක් තමා මේ brush නියන්නනේ. පොටෝෂෝප් විසින් අපට විවිධාකර brush ලබා දි තිබිනේවා ඉට අමතරව අපිට අන්තර්ජාලය ඔස්සේ උවද පොටෝෂෝප් brush Download කරගන්නට පුළුවන්. එ වගේම අපට කැමති ආකාරයට උවද පොටෝෂෝප් brush එකක් නිර්මානය කරගන්නට පුළුවන්. brush එකක් භාවිතා කිරිමේදි පහසුකම් කිහිපයක් තිබෙනවා. ඉන් අතරින් කිහිපයක් ගත්තොත් brush එකක් භාවිතා කිරිමේන් අපි හදන පොටෝෂෝප් නිර්මාණයේ ෆයිල් සයිස් එක අඩු කරගන්න පුළුවන් එ වගේම layers ප්‍රමාණයද අඩුකරගන්නට පුළුවන්. අනිත් කාරනාව තමා brush එක අපට කැමැති ආකාරයට වෙනස් කරගෙන විශිෂ්ට නිර්මාන කරගන්නට පුළුවන්.

මේ විඩියෝ එකෙන් මම කියලා දෙන්නට යන්නේ පොටෝෂෝප් වලදි අපට අවශ්‍ය ආකාරයේ brush එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

In this video tutorial will show you how to create a new custome brush from Photoshop

Tutorial Details -
Program : Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 6.00 Minutes
Video Tutorial