Showing posts with label Video Editing. Show all posts
Showing posts with label Video Editing. Show all posts

Monday, May 28, 2012

Create final Video & Export to DVD – 21වන කොටස

මේ තමා විඩියෝ ස්ටුඩියෝ වල අවසාන කොටස. එහේම කිවට විඩියෝ ස්ටුඩියෝ වල අලුත් දෙයක් හොයාගත්තොත් ගුරු මුස්ටියක් නැතිව මම කියලා දෙන්නට එනවා.

ඉතින් අපි මේ පාඩමේදි කොටස් දෙකක් පිළිබද ඉගෙනගන්නවා. එක විඩියෝ ස්ටුඩියෝ භාවිතා කරලා සම්පුර්ණ විඩියෝ එකක් කරනවා. දෙක එ නිර්මාණය කල විඩියෝ project එක අපි බලමු DVD එකකට බර්න් කරගන්නේ කොහොමද කියලා..

සම්පුර්ණ විඩියෝවක් නිර්මාණය කිරිම.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික දෙවල් දැනසිටිය යුතුයි
සම්පුර්ණ කාලය : විනාඩි 13.11

විඩියෝ පාඩම / Video Tutorial

Video Studio | Adding Transition Title Filter – 20වන කොටස


අයුබෝවන් හැමෝටම.. මේ තමා විඩියෝ ස්ටුඩියෝ වල 20 වන පාඩම. කලින් විඩියෝස් වලින් අපි මුලික කොටසේ සිට ගොඩක් දේවල් විඩියෝ ස්ටුඩියෝ පිළිබද ඉගෙන ගත්තා. තව කොටස් කිහිපයක් තියෙනවා අපිට ඉගෙනගන්නට. ඒ කොටස් කිහිපයත් බැලුවාහම විඩියෝ ස්ටුඩියෝ පාඩම තාවකාලිකව අවසන් වෙනවා. අලුතින් දෙයක් තිබුනොත් විඩියෝ ස්ටුඩියෝ වල මම එක ඔබට අනිවාර්යෙන් කියලා දෙනවා.

ඇත්තටම හේතුව විදිහට කියනවනම් මේ විඩියෝ ස්ටුඩියෝ වලින් විඩියෝ එඩිට් කරගන්නා ආකාරය පිලිබද ඔබට පාඩම් මාලාවක් ගෙනඑම පිළිබද, ගෙඩක් දෙනෙක් දන්නේ විඩියෝ එඩිට්න් කිවහම එක්කෝ ඇඩෝබි ප්‍රිමියර් එහේම නැත්නම් වින්ඩෝස් මුවී මේකර් පිළිබද විඩියෝ ස්ටුඩියෝ පිලිබද වැඩිදෙනෙක් දන්නේ නැ. ඇඩෝබි ප්‍රිමියර් කියන්නේ ගොඩාක් ඇඩ්වාන්ස් විඩියෝ එඩිටින් වැඩසටහනක් වල ප්‍රධාන වින්ඩොව Open කලහම නවක අය හොල්මන් වෙනවා ආපෝ කවදාවත් මේකනම් ඉගෙනගන්නට බැ කියලා ඇත්තටම එක එහේම නැ. මුල ඉදන් ඉගෙනගත්තෝත් පුළුවන්. අනික  වින්ඩෝස් මුවී මේකර් කියන්නේ වින්ඩෝස් විසින් ලබා දි තිබෙන විඩියෝ එඩිට්න් වැඩසටහන  වින්ඩෝස් මුවී මේකර් එතරම් ඇඩ්වන්ස් නැ සාමාන්‍ය විඩියෝ එකක් කරගන්නට පුලුවන්.

එක එහේම වෙනකොට මම හිතුවා විඩියෝ ස්ටුඩියෝ කියන විඩියෝ එඩිටින් වැඩසටහන භාවිතා කරලා පහසුවෙන් විඩියෝ එඩිට් කරගන්නා ආකාරය පිලිබද ඔබව දැනුවත් කරන්නට. විඩියෝ ස්ටුඩියෝ කියන්නේ ගොඩාක් අමරු basic වැඩසටහනක් නොවෙයි. හරියට මුලික කොටස් ඉගෙන ගත්තෝත් පහසුවෙන් හොද විඩියෝ එකක් කරගන්නට  පුළුවන්.

ඉදිරියේදි මම උත්සහා ගන්නම් ඇඩෝබි ප්‍රිමියර් පිලිබදවත් මුලසිට හෝ දැනගත යුතු දෙවල් පිලිබදව පාඩම් මාලාවක් ගෙනඑන්නට. නමුත් කාර්යබහුලත්වයත් එකක් හිතන තරම් ලේසියෙන් කරන්නත් අමාරුයි. මොකද මගේ මුලික පරමාර්ථය තමා කරන දෙයක් හරියට හොද කොලිටියට කරන එක. මමත් අධ්‍යාපණ වැඩ කරනගමන් තමා මේ වගේ ඔයගොල්ලන්ටත් යමක් කියලා දෙන්නට උත්සහා කරන්නේ. එසේනම් විඩියෝ ටියුට් එක බලන්න හමුවෙමු ඊලග පාඩමින්.

මේ පාඩමෙන් අපි කොටස් තුනක් පිළිබදව ඉගෙනගන්නට යන්නේ එ තමා transition, text හා filters එකතු කරගන්නා ආකාරයයි.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 18.33

විඩියෝ පාඩම / Video Tutorial

Download Corel Video Studio Pro X4


Create, edit, render and share faster than ever with VideoStudio® Pro X4—your complete video-editing software for making HD movies. Now optimized for the latest hardware from Intel® and AMD, VideoStudio Pro X4 lets you see results on screen faster than ever. Make a movie, and then share it anywhere—on iPhone® and other mobile devices, disc, your favorite website or your TV. VideoStudio Pro X4. Live life. Make movies.

System Requirements

  • Microsoft® Windows® 7, Windows Vista® or Windows® XP with latest service packs installed (32-bit or 64-bit editions)
  • Intel® Core™ Duo 1.83 GHz, AMD Dual-Core 2.0 GHz or higher recommended
  • 1 GB RAM (2 GB or higher recommended)
  • 128 MB VGA VRAM or higher (256 MB or higher recommended)
  • 3 GB of free hard drive space
  • Minimum display resolution: 1024 x 768
  • Windows-compatible sound card
  • Windows-compatible DVD-ROM drive for installation
  • Recordable Blu-ray™ drive required for creating Blu-ray™ discs
  • Internet connection required for online features and tutorial videos

සොෆ්ට්වේයාර් එක ගන්න

කී එක ගන්න.

Monday, May 21, 2012

Video Studio – Using Audio – 19වන කොටස


Audio කියන්නේ විඩියෝ project වල වැදගත් කොටසක්. එහහම කියන්නේ අපි ලස්සන විඩියෝ project එකක් නිර්මාණය කලාට එකට ගැලපෙන ලස්සන audio එකක් නැත්නම් ඒ විඩියෝ එක බලන්න කම්මැලියිනේ. එ නිසා විඩියෝ project එකක් කරනකොට එ project එකට audio එකක් අනිවර්යෙන්ම එකතු කරගත යුතුයි.

ඉතින් අපි මේ කොටස් කිහිපයෙන් බලමු විඩියෝ ස්ටුඩියෝ වලදි audio භාවිතා කරන ආකාරය පිළිබදව

 19-I- වන කොටස - Importing and edit audio

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 8.18


19-II- වන කොටස - Import from a Audio CD

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 4.28


19-III- වන කොටස - Record Voice from a Mic

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 5.07



19-IV- වන කොටස - Split Audio from a Video

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 2.53


Video Studio – Using still image – 18 වන කොටස

විඩියෝ එඩ්ටින් වලදි අපිට විඩියෝ විතරක්ම නොවෙයි පින්තුර භාවිතා කරලත් විඩියෝ එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ පාඩමේන් අපි බලමු පින්තුර භාවිතා කරලා විඩියෝ එකක හදන්න මුලික අඩිතාලම දාගන්නේ කොහොමද කියලා.

ඉදිරි පාඩමකින් මම කියලා දෙන්නම් still image භාවිතා කරලා සම්පුර්ණ විඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. සම්පුර්ණ කිවේ පින්තුර විඩියෝ එකට ගැලපෙන audio එකක් එකතු කරගැනිම image 2ක් අතරට transition එකතු කරගැනිම හා Image animate කිරීම වගේ දේවල් වලින් සම්පුර්ණ වු පින්තුර විඩියෝවක්.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 11.57

විඩියෝ පාඩම / Video Tutorial


Video Studio – Color correcting a clip – 17 වන කොටස

මේ පාඩමේ දි අපි ඉගෙනගන්නට යන්නේ විඩියෝ එකක color correct කරගන්නා ආකාරයයි.

Color correcting වලදි අපිට පුළුවන් විඩියෝ එකක white balance වෙනස් කරගන්න, hue- saturation අගයන් වෙනස් කරලා විඩියෝ එකක පාට වෙනස් කරන්න ඒවගෙම කලු සුදු කරන්නත් පුළුවන්.

In this video I’m going to show you how to change color of a video clip in video studio x4.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 6.27

විඩියෝ පාඩම / Video Tutorial


Thursday, May 10, 2012

Video Studio – Change the Playback Speed – 16වන කොටස

මේ කොටසේදි අපි ඉගෙනගන්නට යන්නේ විඩියෝ ස්ටුඩියෝ වල ටයිම් ලයින් එක තුල තියෙන විඩියෝ එකක play back speed එක ‍වෙනස් කරගන්නා ආකාරයයි.

playback speed එක කියන්නේ විඩියෝ එකක් සාමාණයෙන් play වෙන වේගයට වඩා speed එක වැඩියෙන් හෝ අඩුවෙන් play වන ආකාරයට වෙනස් කරගැනිමයි. මෙසේ playback speed එක වෙනස් කරගත හැක්කේ ටයිම් ලයින් එක තුල ඇති විඩියෝ එකක් පමණයි.

In this video we are going to learn how to change playback speed of a video clip.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 6.06


විඩියෝ පාඩම / Video Tutorial 



Video Studio – Multi Trim Video – 15වන කොටස

අද අපි මේ පාඩමේ දි ඉගෙනගන්නට යන්නේ multi trim Video භාවිතාකරණ ආකාරයයි.

Multi Trim වල පහසුකම තමා එකම විඩියෝ එකක් එකම අවස්ථාවේදි කොටස් කිහිපයක් වෙන් කරලබාගැනිමට ඇති හැකියාවයි. Multi Trim video භාවිතා කල හැකිවන්නේ time-line එකෙහි ඇති විඩියෝස් වලට පමණයි. විඩියෝ එක බලන්න ඔබට පැහැදිලි වේව multi trim video භාවිතාකරන ආකාරය. ඒ වගේම ඔබගේ comments එකතු කරන්නත් අමතක කරන්න එපා.

In this video lesson I’m going to teach you how to use multi trim video function in Video Studio Pro X4. The big advantage of multi-trim video, we can cut off a video to several parts in one time.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 6.18

විඩියෝ පාඩම / Video Tutorial 


Wednesday, May 2, 2012

Video Studio – Single Trim video – 14වන කොටස

මේ පාඩමේදි මම කියලා දෙන්නට යන්නේ විඩියෝ ස්ටුඩියෝ වල single clip trim කියන වින්ඩෝව භාවිතා කරලා විඩියෝ එකකින් කොටසක් ටයිම් ලයින් එකට ලබාගන්නා ආකාරයයි.

Single clip trim භාවිතා කල හැකිවන්නේ libraries පැනල් එක තුලදි පමණයි. ඒ වගේම Single clip trim වලදි එක වරක එක කොටසක් පමණයි cut කරගත හැකිවන්නේ.

ඊලග දවදේ අපි බලමු Multi-trim video වින්ඩෝ එක භාවිතා කරලා එක වර කොටස් එකකට වඩා වැඩි කොටස් ගණනක් ලබා ගන්නේ කෙසේද කියලා

This is a another video tutorial for trim videos, in this part we are going to learn about single clip trim window.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 5.07

විඩියෝ පාඩම / Video Tutorial 




Video Studio – Edit videos from time line – 13වන කොටස

අද අපි බලමු ටයිම් ලයින් එකට ලබා ගත් විඩියෝ සංස්කරණය කරගන්නේ කෙසේද කියලා. අපි මේ පඩමේ දි බලමු ටයිම් ලයින් එකේ තිබෙන විඩියෝ එකක දිග අඩු හෝ වැඩි කරගන්නේ කෙසේද ඒ වගේම අපි බලමු

විඩියෝ එකක් කොටස් දෙකකට වෙන් (Split) කරගන්නේ  කෙසේද කියලා විඩියෝ එකක් වෙන් කිරිමේදිත් ක්‍රම දෙකක් තියෙනවා මේ ක්‍රම දෙකේදි එකිනෙකට වෙනස් ආකාරයට තමා විඩියෝ split විම සිදුවන්නනේ.

විඩියෝ එක බලන්න එවගේම ඔබගේ අදහස් දමා යන්නටත් අමතක කරන්න එපා.

In this video we are going to learn how to edit videos form time line. in this part we are covering how to increase or reduce length of a video clip, how to split a video clip so on. watch the video and please do comment.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 5.36

විඩියෝ පාඩම / Video Tutorial


Video Studio – Add Videos to time line – 12වන කොටස

මේ පාඩමේන් අපි බලමු විඩියෝ ස්ටුඩියෝ වල libraries පැනල් එකට ලබාගත් මිඩියා ෆයිල් ටයිම් ලයින් එකට එකතු කරගන්නා අකාරය. මෙහිදි ක්‍රම කිහිපයක් තියෙනවා විඩියෝ ටයිම් ලයින් එකට එකතු කරගැනිමට.

එක ක්‍රමයක් තමා libraries පැනල් එකේ ඇති මිඩියා ෆයිල් drag කර දැමිම.මේක තමා පහසු ක්‍රමය නමුත් මෙහි අවාසිද තියෙනවා. අනෙක් ක්‍රමය තමා file මේනුව තුලින් තෝරාගැනිම, තවත් ක්‍රමයක් තියෙනවා ඒ preview panel එකේදි පුළුවන් අපට අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන එ කොටස ටයිම් ලයින් එකට ලබාගන්න. විඩියෝ එක බලන්න එකේ මේ සියළුම දේවල් බලා ගන්න පුළුවන්.

There are several way to adding media files to time line. one way drag and drop media file to time-line and another way from file menu. there is a another way to adding media files to time line from preview panel.from preview panel we can select a part of video. watch the video and I have describe clearly. please do comment.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 6.10

විඩියෝ පාඩම / Video Tutorial 


Video Studio – Importing videos from DVD – 11වන කොටස

විඩියෝ එකක් එඩිට් කරනවිට පරිගණකයේ ඇති විඩියෝවන් පමණක් භාවිතා කරලා කරගන්නට බෑ. සමහර වේලාවට CD හෝ DVD එකක ඇති විඩියෝ ෆයිල් ලබාගන්නට සිදුවෙන අවස්ථා තියෙනවා. විඩියෝ ස්ටුඩියෝ වල මේ පහසුකම කදිමට අපිට ලබාගන්නට පුළුවන්.

මේ පාඩමේන් මම කියලා දෙන්නට යන්නේ කොහොමද DVD එකක ඇති විඩියෝ ෆයිල් විඩියෝ ස්ටුඩියෝ වලට ලබා ගන්නේ කියලා.


Import from Digital Media

 මෙතනදි අපි මේ Import from Digital Media කියන වින්ඩෝව පිළිබද මුලින්ම ඉගෙනගන්නවා එහි ඇති buttons පිළිබදව, CD හෝ DVD එකේ ඇති විඩියෝ import කරන්නට කලින් එවා play කර බලන ආකාරය වගේ දේවල්.

When we are doing any video editing we can import videos not only local hard drive videos but CD or DVD video also can import to video studio x4.

in this lesson I,m going to teach you how to import videos from a DVD.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 5.24

විඩියෝ පාඩම / Video Tutorial 


Video Studio – Importing Media to libraries – 10වන කොටස


මේ පාඩමේන් මම කියලා දෙන්නට යන්නේ විඩියෝ ස්ටුඩියෝ වල libraries පැනල් එක තුලට මිඩියා ෆයිල් import කරගන්නා ආකාරයයි.

විඩියෝ ස්ටුඩියෝ වලට මිඩියා ෆයිල් import කර ගැනිමට ක්‍රම එකක් නොවෙයි ක්‍රම කිහිපයක් තියෙනවා. මේ පාඩමෙන් අපි බලමු එ ක්‍රම කිහිපය භාවිතා කරලා මිඩියා ෆයිල් import කරගන්නා ආකාරය. එ වගේම විඩියෝ ස්ටුඩියෝ වලට විවිධාකාර ෆයිල් ෆෝමැට් වලින් යුත් විඩියෝස් ඔඩියෝස් ඉමේජස් ලබාගන්නට පුළුවන්. අපි මුලදිත් කතාකලා මොනවද එ file format කියලා අමතක වෙලා තියෙනවනම් මේ පාඩමේදි අපහු මතක් කරගන්නට පුළුවන්.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 5.17

There are several way to adding media to video studio libraries panel. in this lesson I’m going to teach you how to add media file to video studio x4.
watch the video and please comment.

විඩියෝ පාඩම / Video Tutorial 




Sunday, April 22, 2012

VideoStudio X4 Open a Project – 09වන කොටස

මේ පාඩමින් අපි බලමු විඩියෝ ස්ටුඩියෝ වල corel video studio project ෆයිල් ඔපන් කරගන්නා ආකාරය.

විඩියෝ ස්ටුඩියෝ වලදි අප විඩියෝ ප්‍රොජෙක්ට් එකක් සැදිමට භාවිතා කරන විඩියෝ හො ඔඩියෝ ෆයිල්ස් ඒ ඔරිජිනල් ස්ථානයේ එ ෆයිල් නම යටතේ තිබිය යුතුයි.

Relink Media File

එසේ නොමැති උනහොත් විඩියෝ ස්ටුඩියෝ වැඩසටහන විවෘත කරනවිට file missing යනුවෙන් දක්වන පණිවිඩයක් අපට ලබා දේ. මේ සියළු විස්තර මේ විඩියෝ එක තුලින් විස්තර කරනවා.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 3.46


විඩියෝ පාඩම



VideoStudio X4 Save the Project – 08වන කොටස

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ අපි හදන විඩියෝ ප්‍රෝජේක්ට් එක save කරගන්නා ආකාරයයි.

ඇත්තටම කියනවනම් මෙතන මාහාලොකු දෙයක් කියලා කරන්නට නැ නමුත් අපි මුල සිට විඩියෝ ස්ටුඩියෝ ඉගෙනගන්නවනම් project එකක් save කරගන්නා ආකාරයද දැනසිටිය යුතුය.

මෙතනදි අපි ඉගෙනගන්නවා විඩියෝ ස්ටුඩියෝ වල ෆයිල් දිගුව මොකක්ද කියලා එ වගේම auto save පහසුකම පිළිබදවත් අපි මෙතනදි ඉගෙනගන්නවා.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 3.16


විඩියෝ පාඩම



VideoStudio X4 Project properties – 07වන කොටස

කලින් විඩියෝස් වලදි අපි බැලුවේ විඩියෝ ස්ටුඩියෝ වල යුසර්ඉන්ටර ෆේස් එක හා පැනල් පිළිබදවයි. මේ පාඩමේ සිට අපි ඉගෙනගන්නට යන්නේ විඩියෝ එඩිඩ් කරන සබ්ජේක්ට් එක පිලිබදවයි. විඩියෝ project එකක් අපි අරම්භ කරන්න කලින් අපි හදන විඩියෝ project එකේ වෙනස්කම් සිදුකරගත යුතුයි.

උදා හරණයක් විදිහට අපි බැලුවෙත් අපි හදන movie එකේ size එක වෙනස් කල යුතුයි ඒ වගේම video standard එක තොරාගත යුතුයි PAL ද NTFS ද යන්න. අනිත් එක තමා video ripping format එකත් වෙනස් කරගත යුතුයි.

මේ සියලු දේවල් මේ විඩියෝ එකේන් ඔබට ඉගෙනගන්නට පුළුවන්.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 5.23



විඩියෝ පාඩම



VideoStudio X4 Libraries Panel – 06වන කොටස

මේ පඩමේදිත් අපි තවත් විඩියෝ ස්ටුඩියෝ වල පැනල් එකක් පිලිබද ඉගෙනගන්නට යන්නේ එ තමා Libraries Panel එක පිළිබදවයි.
Video Studio X4 Libraries Panel

මෙතනදි අපි ඉගෙනගන්නට යන්නේ Libraries Panel එකේ icon buttons වලින් වන කාර්යන් පිළිබදව හා විඩියෝ, පින්තූර, මියුසික් සැගවීම හා නැවතලබා ගැනිම, මිඩියා ෆයිල් පිළිවලට සකසා ගැනිම, තම්නෙයිල් වල ප්‍රමාණයන් වෙනස් කරගැනිම හා folder නිර්මාණය කරගැනිම යන දෙවල් පිළිබදවයි.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 6.22

විඩියෝ පාඩම


VideoStudio X4 Time Line - 05වන කොටස

විඩියෝ ස්ටුඩියෝ වල ප්‍රධාන කොටස් වලින් එකක් තමා මේ ටයිම් ලයින් එක. මොකද අපි හදන විඩියෝ එකේ වෙනස් කම් සිදුකරගන්නේ මේ ටයිම් ලයින් එක තුලයි. තවත් විස්තර කරනවනම් විඩියෝස් වලින් අනවශ්‍ය කොටස් ඉවත් කිරිම, අලුත් කොටස් එකතු කිරිම, title ලබා ගැනිම, Transition ලබා ගැනිම වගේ දේවල් කරන්නේ  ෙම් ටයිම් ලයින් ඒක තුලයි.
විඩියෝ ස්ටුඩියෝ හි ටයිම් ලයින්
විඩියෝ ස්ටුඩියෝ හි ටයිම් ලයින්

 ඉතින් මේ පාඩමින් අපි ඉගෙනගන්නට යන්නේ විඩියෝ ස්ටුඩියෝ වල ටයිම් ලයින් එක පිළිබදවයි හා ටයිම් ලයින් එක හදුනාගැනිම මේ පාඩමින් අපි සිදුකරනවා.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 7.38

විඩියෝ පාඩම



Video studio x4 Preview-Panel - 04වන කොටස

විඩියෝ ස්ටුඩියෝ වලට අපි විඩියෝ එකක් හෝ පින්තුරයක්, සවුන්ඩ් ගොනුවක් ලබාගත් පසු එහි preview එකක් අපිට බලාගන්නට පුළුවන් මේ preview පැනලය මගින්. එ පමණක් නොවේයි අපි හදන විඩියෝ එකේ preview එකද බලාගැනිමට පුළුවන් මේ preview පැනලය භාවිතා කරලා.

මේ විඩියෝ එකෙන් අපි බලමු විඩියෝ ස්ටුඩියෝ හි මේ preview පැනලය පිළිබදව.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 4.48

විඩියෝ පාඩම



Customize Video Studio workspace - 03වන කොටස

කලින් විඩියෝ එකෙන් අපි ඉගෙනගත්තේ විඩියෝ ස්ටුඩියෝ හි workspace එක පිළිබදවයි. මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ විඩියෝ ස්ටුඩියෝ වල workspace එක වෙනස් කරගන්නා ආකාරය හා එ වෙනස් කරගත් පැනල් හා වින්ඩෝවන් එ ආකාරයෙන්ම ඉදිරියේදිත් ලබාගැනිමට එවා save කර තබාගන්නා ආකාරයයි.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 4.36

විඩියෝ පාඩම