ඔබ දැනටම දන්නවා ඇති පහුගිය දවස් වල google සමාගමේ නිෂ්පාදන වල (products) පරිශිලක අතුරුමුහුණත් වෙනස් කර අති බව. එකට හොදම නිදසුන තමා gmail මොකද දැන් ගොඩක් දෙනෙක් ඔහුන්ගේ පුද්ගලික ඉමේල් ලෙස gmail භාවිතා කරනවා. අපි දැන් gmail එකට ලොග් වෙනකොට අලුත් පරිශිලක අතුරුමුහුණතට වෙනස් වන්ට කියා දැනුම් දෙන පණිවුඩයක් ඉමේල් එකට ලොග් වීමට කලින් අපිට දැකගන්නට පුළුවන්. මේ වගේම තමා blogger වලදිත්. අපි තවමත් පරන පරිශිලක අතුරුමුහුණත භාවිතා කරනවනම් අලුත් පරිශිලක අතුරුමුහුණතට මාරුවිමට ලින්ක් එකක් ලබා දෙනවා. මේ අලුත් පරිශිලක අතුරුමුහුණත සම්පුර්ණයෙන් වෙනස් කොට තිබෙනවා. එ වගේම එහි පහසුකම් කිහිපයකුත් තියෙනවා කලින් blogger පරිශිලක අතුරුමුහුණතට වඩා නව පරිශිලක අතුරුමුහුණත ලෝඩ් විමේ වේගය වැඩියි. එ වගේම ලයිට් පාට dashboard එකත් නවතාලයට අපුරුවට ගැලපෙනවා.
Blogger නව මුහුණුවර
0 comments:
Post a Comment