Sunday, April 22, 2012

Installing Corel Video Studio X4 - 01වන කොටස

කලින් විඩියෝ එකේදි අපි බැලුවේ විඩියෝ ස්ටුඩියෝ කියන්නේ මොකක්ද මොනවගේ දේවල්ද විඩියෝ ස්ටුඩියෝ භාවිතා කරලා කරගන්න පුළුවන් කියලා. මේ පාඩමෙන් අපි බලමු විඩියෝ ස්ටුඩියෝ අපේ පරිගණකයට බාගන්නේ හා ස්ථාපනය කරගන්නේ කේසේද කියලා.

මුලින්ම අපි බලමු corel video studio x4 ස්ථාපණය කරගැනිමට අපේ පරිගණකයේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් මොනවාද කියලා

  • අපගේ පරිගණකයේ මේහෙයුම් පද්දතිය වින්ඩෝස් 7, විස්ටා, හෝ වින්ඩෝස් ඒක්ස්. පී. (xp අවසාන සර්විස් පැක් එක ස්ථාපිත කර තිබිය යුතුය) විය යුතුය. 32බිට් හෝ 64 බිට්

  • පරිගණකය Intel® Core™ Duo 1.83 GHz, AMD Dual-Core 2.0 GHz හෝ ඊට වැඩිවිය යුතුය.

  • 1GB රැම් මතකයක් තිබිය යුතුය. (2GB හෝ ඊට වැඩි රැම් මතකයක් තිබේනම් වඩාත් හොදයි)

  • විඩියෝ මතකය 128 MB හෝ ඊට විඩිවිය යුතුය.

  • හාඩ්ඩිස්ක් එකේ නිදහස් ඉඩ 3 GB වත් විය යුතුය.

  • තිර විභේදනය : 1024 x 768 හෝ වැඩි විය යුතුය

  • සවුන්ඩ් කාඩ් එකක්

  • ඩිවිඩි රොම් එකක් හෝ රයිටර් එකක්

  • ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් විඩියෝ ස්ටුඩියෝ බාගත කරගැනිමට.

මේ මුලික අවශ්‍යතාවයන් ඔබේ පරිගණකය සපුරාලන්නේ නම් ඔබේ පරිගණකය විඩියෝ ස්ටුඩියෝ ස්ථාපිත කිරිමට සුදුසුය. එසේනම් අපි බලමු කේසේද විඩියෝ ස්ටුඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මේ පහත ලබා දි තිබෙන ලින්ක් එක එබිමෙන් Corel video studio ඩවුන්ලෝඩ් පිටුවට යා හැක
Download Corel VideoStudio X4
විඩියෝ ස්ටුඩියෝ ස්ථාපිත වීම
විඩියෝ ස්ටුඩියෝ ස්ථාපිත වීම
භාවිතා කරන රට හෝ විඩියෝ සම්මතය තේරිම
භාවිතා කරන රට හෝ විඩියෝ සම්මතය තේරිම

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 9.30

විඩියෝ පාඩම



0 comments:

Post a Comment