Monday, September 17, 2012

Photo to hand drawing effect using Photoshop

මේ පාඩමේන් මම කියලා දෙන්නනට යන්නේ පොටෝෂොප් වලින් තවත් Photo effect එකක් කරගන්නා ආකාරයයි. එ තමා පින්තූරයක එක පැත්තක් වර්ණ පින්තූරය හා අනෙක් පැත්ත පැන්සල් නිර්මාණයක් බවට හරවාගන්නා ආකාරයයි.



මේක කරනවිදිහ අපි කෙටියෙන් බැලුවෙත් එහේම මෙහෙමයි

01. ඉස්සේලම මේ effect එක ලබාගන්නට ඔනි පින්තූර open කරන්න.

02. Background Layer එකේ පිටපතක් ගන්න. එහි blending mode එක color dodge ලෙසට වෙනස් කරන්න.

03. ඉටපසු Background duplicate layer එක invert කරගන්නවා. මේ සදහා Image >> Adjustments >> Invert ගොස් සිදුකරගන්නට පුළුවන්.

04. ඉටපසුව කරන්න තියෙන්නේ invert කරගත් layer එකට gaussian blur එකක් එකතු කරගැනිමයි. මේ සදහා Filter >> Blur >> Gaussian blur විධානය ලබා දි blur අගය 5px ලබා දෙනවා.

* දැන් ඔබට පෙනවා ඇති color pencil effect එක ඇවිල්ලා තියෙන්නේ. මට මෙතනදි අවශ්‍ය වන්නේ කලු සුදු ආකාරයටයි.

05. මේ Layer එක කලුසුදු කරගැනිමට මම Hue/Saturation layer එකක් භාවිතා කරනවා. මේ සදහා Layer panel එකෙ  create new adjustment layer බොත්තම කිලික් කරලා අලුතින් hue/saturation layer එකක් ලබාගෙන මෙහි saturation එක -100 දක්වා අඩුකරගන්නවා.

* හරි දැන් ඔබට පෙනවා ඇති පැන්සල් ඉරි පාරවල් ඇවිල්ලා තියෙන්නේ.

06. ඉට පස්සේ මම කරන්නේ මෙතනදි original color background layer එකේ තව duplicate එකක් ලබාගෙන එ duplicate layer එක Layers වල ඉහළටම ලබාගන්නවා. දැන් මට මෙතනදි අවශ්‍ය වන්නේ පින්තූරයේ එක පැත්තක් පමණක් කලර් හා අනෙක් පැත්ත පැන්සල් ඉරි පාර ලබාගන්නට.

07. ඒ සදහා මම කරන්නේ උඩින්ම ලබාගත් Layer එකට Layer Mask එකක් භාවිතා කරලා එ‍කෙ පැත්තක් පමණක් ඉතුරු කිරිමයි. මේ සදහා උඩින්ම තියෙන color background layer එකට layer mask එකක් ලබාදෙනවා. ඒ Layer mask එක select වෙලා තිබියදි gradient tool එක භාවිතා කරලා (මෙහිදි ලබාගන්නට ඔනි Black to white gradient style එකයි.) එක පැතිතකට පමණක් mask එක fill කරනවා. මේ සදහා selection එක භාවිතා කරන්නත් පුළුවන්.

08. ඉට පසුව මේ Layer එකේ blending mode එක hard light ලෙස වෙනස් කරගන්නවා, ඒ වගේම මෙහි opacity එක 70 කට විතර අඩුකරගන්නවා.

** හරි දැන් ඔබට පෙනවා ඇති අවසාන නිර්මාණය.

මිට වඩා පැහැදිලිව විඩියෝ එකේ තියෙනවා කරලා බලන්න මේ සිම්පල් Photo effect එක.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Normal
Total video time : 4:47 Minutes
Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment